gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපිට ඕන පිට කොන්ද තියන නීතියට ගරු කරන නායකයෙක් - කාදිනල්

පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී කතෝලික ජනතාවගේ ශරීර කෑලි කෑලිවලට කැඩී සිටි ආකාරය තමන් සියසින්ම දුටු බවත්, එසේ අවසානාවන්ත ලෙස මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු මතින් දේශපාලන වාසි ලබා ගැනීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය, ආබාධවලට ලක් වූ තම ජනතාවට සාධාරණය ඉටුවන තෙක් තමන් සටන් කරන බවයි කාදිනල්වරයා අවධාරණය කරන්නේ.

පාස්කු කොමිස‍ම ඔවුන්ට හැකි පමණින් විමර්ශන සිදුකර වාර්තාවක් එළිදක්වා තිබෙන බවත්, එහෙත් එම වාර්තාව සර්ව සම්පූර්ණ වාර්තාවක් ලෙස පිළිගැනීමට කිසිසේත්ම නොහැකි බවත් කාදිනල්වරයා පවසනවා. එනිසා ඉන් එහාට ගොස් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් ලබාදිය යුතු බවත් ඒ දක්වා සටන අත් නොහරින බවත් කාදිනල්වරයා අවධාරණය කරනවා.

රටට අවශ්‍ය කොන්ද කෙලින් තබාගෙන කටයුතු කරන, අවංක, නීතිගරුක, නීතිය ආරක්ෂා කරන නායකයෙකු මිස පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම්වලින් දේශපාලන වාසි ලබා ගන්නා නායකයන් නොවන බවද කාදිනල්වරයා පවසනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka