අද (22) උදෑසන 11.20ට පමණ ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය ට පැමිණුනි. ඒ අනුව පැය පහකට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඔවුන් දෙදෙනා අපරාධ කොට්ඨාශයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතු මන්ත්‍රී රාජිත සේනාරත්න,
“අපි මේවට එනකොට අපිට ලැබෙන තනතුරු වගේම අපිට ලැබෙන වරප්‍රසාද මෙන්ම අපිට ලැබෙන දුක විඳින්න සුදානම් වෙන්න ඕනේ. ඒක තමයි දේශපාලඥයා. මන්ත්‍රීවරයෙකුට, ඇමතිවරයෙකුට වඩා මම දේශපාලඥයෙක්. මම වමේ ව්‍යාපාරයේ ඉදලා ගුටිකාලා තියෙනවා, කුඳුළු ගෑස් කාලා තියෙනවා. හිරේ විලංගුවේ වැටිලා තියෙනවා දේශපාලනය වෙනුවෙන්. පුද්ගලික හේතුවක් හින්දා නෙමෙයි. ඉතුරු කාලේත් එක්ටම කැපකරනවා. මම නැති කාලෙක චතුර ඉන්නවා.“