gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වන්න 03වන වරටත් යැවූ ලේඛන සිංගප්පූරු නීතිපති අධ්‍යයනයට ගනියි

ළමු මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නමැත්තා ශ්‍රී ලංකාවට උදර්පනය කරවාගැනීමට අදාළව මෙරට නීතිපතිවරයා විසින් 03 වන වරටත් යැවූ ලේඛණ සිංගප්පූරු නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බව අද අධිකරණයේදී අනාවරණය වුණා.

අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කොළඹ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ එය දන්වා සිටියා.

නඩුව අද විභාග කෙරුණේ චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේදියි.

මෙම නඩුවේ 10 වන විත්තිකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා මේ වනවිට මැලේසියාවේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද අද අධිකරණයේදී හෙළිවී තිබෙනවා.

ඒ අනුව ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට අදාළ සිතාසි විදේශ අමාත්‍යංශය හා එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා මැලේසියානු බලධාරින් වෙත යවන ලෙසටයි අධිකරණය නියෝග කලේ.

ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අද අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන්ට එරෙහි අධි චෝදනා පත්‍රයට තවත් චෝදනාවක් එක් කර සංශෝධනයට නීතිපතිවරයා විසින් තීරණය කර ඇති බවයි.

ඊට අදාළ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා මෙම නකඩුව ලබන මැයි 05 වනදා යළි කැඳවීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka