gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තම පාරිභෝගිකයෙකුට විරුද්ධව Allianz ඉන්ෂුවරන්ස් ගත් තහනම් නියෝගය අධිකරණය අත්හිටුවයි

ම පාරිභෝගිකයෙකුට විරුද්ධව Allianz ඉන්ෂුවරන්ස් සමාගම විසින් ගත් තහනම් නියෝගයක් අත්හිටු වීමට ගාල්ල සිවිල් මහාධිකරණය පෙරේදා (22) තීන්දු කර ඇත.

රක්ෂණ වන්දි ලබාදීම ප්‍රතික්ෂේප කල පාරිභෝගිකයෙකු, තම සමාගමට විරුද්ධව අදහස් දැක්වීම වළක්වාලමින් මීට ඉහතදී Allianz ඉන්ෂුවරන්ස් සමාගම විසින් තහනම් නියෝගයක් ලබාගෙන තිබිණ.

සංජය මහවත්ත නමැති රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ කාර් රථය අනතුරට ලක්වීමෙන් පසු ඒ සඳහා රු.98 000 ක රක්ෂණ හිමිකම් ලබා දීම Allianz ඉන්ෂුවරන්ස් සමාගම ප්‍රතික්ෂේප කර ඇත. ඊට විරුද්ධව කතා කිරීම වළක්වාලමින් ගාල්ල අධිකරණයෙන් අදාළ සමගම තහනම් නියෝගය ගෙන තිබුණි.

සංජය මහවත්ත මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න , නීතිඥ භාග්‍යා හේරත්, නීතිඥ සඳරුවන් සේනානායක යන මහත්ම මහත්මීන් පෙනී සිටි අතර Allianz ඉන්ෂුවරන්ස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රෝනාල්ඩ් පෙරේරා සමග නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින ලදි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka