gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටාරයේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් හදන්න ගිය ලංකාවේ 557ක් අභිරහස් ලෙස මැරිලා

ලබන වසරේ කටාරයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදහා ක්‍රීඩාංගණ ඉදිකිරීමට යොදාගෙන සිටි විදේශ ශ්‍රමිකයන් 6000ක් පමණ මියගොස් ඇති බවත්, එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 557 දෙනකු සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය වී ඇත.

මෙම ශ්‍රමිකයන් අධික උෂ්ණත්වය සහිත පරිසරයක උස් ස්ථානවල කටයුතු කරද්දී ඇද වැටී මියයාමේ සිද්ධින්ද වාර්තාවී ඇති අතර තවත් ශ්‍රමිකයන් අනතුරට ලක්වී ඇත්තේ ඊට සම්බන්ධ සංකූලතා හේතුවෙනි.

කෙසේ නමුත් මෙම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ බොහෝ අවස්ථාවලදී සිදුකර නොමැති බව සඳහන්ය.

එමෙන්ම ඒවා ස්වභාවික මරණ ලෙස නිශ්චය කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය කියා සිටියේ අදාළ වාර්තා සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම කඩිනමින් ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka