gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අප්‍රේල් 21 සිට රට පුරා විරෝධතා පවත්වන බව කාදිනල් හිමි කියයි

පසුගිය 2019 වසරේ අප්‍රේල් 21, පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් නම් කර ඇති පිරිස එම ප්‍රහාරයට දෙවරසක් සම්පූර්ණ වන ලබන මස 21 වැනිදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් නොවුවහොත් රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමයෝ පවසති.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට යුක්තිය ප්‍රාර්ථනා කරමින් රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.

මෙම ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට යුක්තිය ඉටුවන බව දකින්නට නොලැබුණහොත් 21 වැනිදා පවත්වන විරෝධය ඉතා ශක්තිමත්ව ලංකාව පුරා දියත් කරන බවද කාදිනල් හිමියෝ එහිදී සඳහන් කළහ.

කොමිෂන් සභාව දී ඇති නියෝග අනුව අඩු වශයෙන් එහි නම් කර ඇති පුද්ගලයින් විනිවිදභාවයෙන් යුත් ක්‍රියාදාමයක් තුළ කිසිකෙනෙකුට විශේෂ සැලකිල්ලක් නොදක්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවද එම කටයුතු ලබන 21 වැනිදාට පෙර නොකළොත් තම විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්න සිදුවන බවද යුත්කිය ඉටුවන තුරු එය අත් නොහරින බවද රම දේව මෙහෙයේදී කාදිනල් හිමියෝ කියා සිටියහ.

කුමන බලවේග, අභියෝග ක්‍රියාත්මක වුවත් යුක්තිය ඉටුවන තුරු ජනතාව සමඟ පෙරමුණේ ගමන් කරන බවද කාදිනල්තුමෝ එහිදී අවධාරණය කළහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka