පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාර දී ඇතත් එය තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට හෝ රටේ ජනතාව ලබා දී නොමැති නිසා එහි සඳහන් වන්නේ මොනවාද කොමිසමේ නිර්දේශ මොනවාද යන්න පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.
එසේ තිබියදී එම වාර්තාවේ ඇතැම් නිර්දේශ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවත්, ඒවා සත්‍යද අසත්‍යද යන්න හෝ ප්‍රකාශ කළ නොහැකි බවත් ජවිපෙ නායකයා පවසනවා. අවසන් වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවට මාධ්‍ය වාර්තා පළවන අතර වික්‍රමසිංහ මහතා අදාල පිරිස අතර නොමැති බවටත් මාධ්‍ය වාර්තා පළවන බව ඔහු පෙන්වා දෙනවා.
මීට පෙර මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවද පාර්ලිමේන්තුවේ සභාගත කළේ යම් යම් කොටස් නොමැති අතුරුදන් කර බවට තවමත් ඇතැම් වාර්තා පළවන බවද ජවිපෙ නායකයා පවසනවා. ඒ නිසා පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේද පිටු ගැලවීමේ අනතුරක්, පිටු අතුරදන් වීමේ අනතුරක් මතුව තිබෙන බවයි අනුර දිසානායක මහතා පවසන්නේ.
ඊට හොඳම විමසුම මෙවැනි ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා ජනාධිපතිවරයාට ලබාදෙන අවස්ථාවේදීම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවටද පිටපතක් ලබාදීම බවයි ජවිපෙ නායකයා පවසන්නේ.