gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත විඳලා තියෙන්නේ “රෝසි මැඩම්ගේ ලිස්ට්” එකටලු

කොළඹ මහා නගර සභාව විසින් කොරෝනා වෛරසය සඳහා වූ කොවිශිල්ඩ් එන්නත ජනතාවට ලබා දී තිබෙන්නේ කොළඹ මහා නගර සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ ලැයිස්තුවක් අනුව බවට හෙළි වී තිබේ. කොළඹ මහා නගර සභාව විසින් කරගෙන යනු ලබන මෙම එන්නත් ලබා දීම මහජන පුස්තකාලයේ පවත්වාගෙන ගොස් තිබුණි.

මෙහිදී අකාරාදී පිළිවෙළකට හෝ වෙනත් පිළිවෙළකට සකස් නොකරන ලද එන්නත් ලබා දීම සඳහා වූ ලැයිස්තුවක් මෙම වැඩසටහන සඳහා යොදාගෙන තිබුණි. 

කොළඹ මහා නගර සභාව විසින් එන්නත් ලබා දීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කර ගැනීමක් හෝ එවන් කිසිදු වැඩපිළිවෙළක් සකස් කොට නොතිබුණු අතර මෙය බොහෝ විට මෙය රෝසි සේනානායක මහත්මියගේ ලැයිස්තුවක් විය හැකි බවටද පුද්ගලයෙකු සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් රෝසි සේනානායක මහත්මිය දිනපතා පළවෙන ඉංග්‍රීසි පුවත්පතකට සිය අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තමන් සතුව එවැනි ලැයිස්තුවක් නොමැති බවත් එන්නත ලබා දෙන ක්‍රියාවලියට තමන් කිසිම ලෙසකින් මැදිහත් නොවන බවයි.

මේ අතර සෞඛ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු අදහස් පළ කරමින් පවසා සිටියේ කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සඳහා මෙරට කිසිදු පැහැදිළි ප්‍රතිපත්තියක් නොමැති බවයි.

- ඒෂියන් මිරර් 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka