gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සාම ස්මාරකය’ එපා.. ‘මුල්ලිවයික්කාල් සැමරුම’ නම ඉල්ලා යාපන සිසුන් දැඩි විරෝධයක

යාපනය විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ ඉදිකෙරෙන ස්මාරකයේ නම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලූවක් හේතුවෙන් උප කුලපතිවරයා හා මහා ශිෂ්‍ය සංගමය අතර විශාල අර්බූදයක් හට ගෙන තිබේ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ කාරණා වලට අනුව එම ස්මාරකය සාම ස්මාරකය ලෙස යළි ඉදි කිරීමට අවසර ලබාදිය හැකි බව උප කුලපතිවරයා ප‍්‍රකාශ කොට ඇතත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් එම යෝජනාවට එකග වී නොමැත.

මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ එම ස්මාරකය මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය වශයෙන් ඔවුන් ඉදි කරන බවයි.

වෙනත් නම් වලින් යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ ස්මාරක ඉදිකිරීමට අවශ්‍යතාවක් නොමැති බව පවසන ශිෂ්‍ය සංගමය යාපනයේ ජනතාව හා විදේශ රටවල පිරිස ආධාර කොට ඇත්තේ සාම ස්මාරකයක් පිහිටුවීමට නොවන බවට ප‍්‍රකාශ කරයි.

නමුත් උප කුලපතිවරයා තරයේම ප‍්‍රකාශ කොට ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලය තුළ යුද ස්මාරකයක් ඉදිකිරීමට තමන්ට අවසර ලබාදිය නොහැකි බවත් අවසරයකින් තොරව කිසිදු ඉදි කිරීමක් නොකරන ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් තමන්ට දැනුම් දී ඇති බවත්ය.

– divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka