gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මීගමුව බන්ධනාගාරයේ පාතාල නායකයන්ට කම්සැප විඳීමට පහසුකම්

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ අක්‍රමිකතා අතරට පාතාල නායකයන්ට කම්සැප විඳීමට සැලැස්වීමද අයත් යැයි අරුණ පුවත් පත වාර්තා කරනවා .

ඒ අනුව බන්ධනාගාර අධිකාරියේ කාර්යාලයට පාතාල නායකයන්ගේ බිරින්දෑවරුන් රැගෙන ඒමට අවසර දී ඇතැයි කරන ලද අභ්‍යන්තර විමර්ශනයකින් හෙළිවී ඇති බව සදහන් .

මෙහිදී මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරියේ අවසරය මත කොණ්ඩ රංජි නමැති මත්කුඩු ජාවාරම්කරුට තම බිරිඳ සමග එම කාර්යාලයේ කාලය ගත කිරීමට ඉඩ ලබාදුන් ඡායාරූප බුද්ධි අංශ විසින් මේ වනවිට සොයාගෙන තිබේ.

කොණ්ඩ රංජි දැනට බන්ධනාගාර ගතව මත්කුඩු ජාවාරම් මෙහෙය වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරන්නේ මෑතකදී මීගමුවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ සියයකට අධික ප්‍රමාණයක් ගැන විමර්ශන කිරීමේදීය.

මේ ජාවාරමට කොණ්ඩ රංජිගේ බිරිඳ ද සම්බන්ධ බවට ලද තොරතුරු මත ඇය සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද විමර්ශන අරඹා තිබේ.

හිටපු බන්ධනාගාර අධිකාරියේ කාර්යාලයේ සිට රංජි හා බිරිඳ ගත් ඡායාරූප මෙන්ම මීගමුව බන්ධනාගාරයේ සුපිරි ගණයේ මත්පැන් සාද පැවැත්වීම සම්බන්ධව වූ ඡායාරූප හා වීඩියෝ සම්බන්ධව ද ඉහළ පෙළේ පරීක්ෂණයක් ඇරඹී ඇති බව වාර්තා කොට තිබුනා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka