gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංචාරයට පැය 24කට පෙර වාස්ගේ අස්වීම පිළිබඳව මම කනගාටු වෙනවා - පීඩාවට පත් වන්නේ ක්‍රීඩකයන් : නාමල්

ශ්‍රී ලංකා ඡාතික පිලේ වේග පන්දු යවන පුහුණුකරු චමින්ද වාස් මහතාගේ ඉල්ලා අස්වීමේ සාධාරණත්වය අසාධාරණත්වය පිළිබඳව තමා කතා කිරීමට සූදානම් නැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

එහෙත් තම රටේ ජාතික කණ්ඩායම විදේශ ගත වෙන්න පැය 24කට පෙර චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම පිළිබඳව තමා පෞද්ගලිකවම කනගාටු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

පාලක මණ්ඩලය සමඟ මොන ගැටලුව තිබුනත් අසාධාරණයට ලක්වන්නේ ක්‍රීඩකයන් බවද පෙන්වා දෙන අමාත්‍යවරයා විශේෂයෙන්ම එළඹෙන 2023 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොටගෙන තරුණ කණ්ඩායමක් එම සංචාරයට සහභාගි වන අවස්ථාවක චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම් පිළිබඳවද තමා කනගාටු වන බව අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂයේ තුෂාර ඉදුනිල් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka