gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් වීරවංශ අපබ්‍රෂ්ඨ ව්‍යාජ දේශපේ‍්‍රමියෙක්.. ECT ඉන්දියාවට නොදුන්නේ පෙට්ටම්කාර දුර්වර්ණ කසඩ චින්තනය නිසා - මහින්ද පතිරණ

කොළඹ වරාය නැගෙනහි ජැටිය සම්බන්ධ සංවාදයේදී මතු වූයේ මෙරට පෙට්ටගම් කාර චින්තනය හා බැඳුණු දුර්වර්ණ වී ගිය කසඩ මනස බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

උපාය මාර්ගික ආර්ථික සංවර්ධන මාදිලියක් ඔස්සේ ජාත්‍යන්තරය ද ජයගනිමින්, රටට අහිතකර ලෙස ක්‍රියාත්මත විය හැකි විදේශ රටවල් රටේ සංවර්ධනයේ තරඟකරුවා නොව හවුල්කරුවා කර ගනිමින් මිස මේ රට ගොඩ නැගිය නොහැකි බව අකුරු සාස්තරය යම් පමණක් දැන ලංකාව ලෝක සිතියම මත තබා කියවාගත හැකි ඕනෑම කෙනෙකුට පෙනී යන කාරණයක්. ලංකාවට පසුපසින් සිටි බොහෝ නැගෙනහිර ආසියානු රටවල් ස්වකීය ආර්ථික ශක්තිය ගොඩ නගා ගත්තේ එවන් උපාය මාර්ගික ක්‍රියාදාම රැසක් අනුගමනය කරමින්. අද එම රටවල් ලෝක ආර්ථිකය සමග බද්ධ වන අතරම ආර්ථික ස්වාධීනත්වයක් ද අභිමානයක් ද ගොඩ නගාගෙන ඇත.

කෙසේ වෙතත් ලංකාවේ ඇතැමුන් සිතන්නේ ආර්ථික ස්වාධීනත්වය හා ජාතික අභිමානය ඇති වන්නේ හැකි තරම් සම්පත්වල අයිතිකාරිරත්ය තමා සතු කරගෙන බවයි. එය අතිශයින් ම වැරදි හා දුර්වල සිතීමත ප්‍රතිඵලයකි. කොටින්ම එයට අපි කියන්නේ පෙට්ටගම් චින්තනයයි. එවක ලංකාවේ ප්‍රභූ ගැමියන් තම මුදල් ආයෝජනය නොකර පෙට්ටගම්වල රැස්කර තබා ගත් ගත්තේය. ඉන් නිරාමිස සතුටක් ද වින්දෝය. අවසානයේ සිදු වූයේ ලෝකය වෙළඳ සබඳතා මත ගොඩනැගූ නව ආර්ථික මාදිලියක් කරා යෑමත් සමග මෙම පෙට්ටගම්වල රැස්කර තිබූ මුදල් හා වස්තුව නොදැනීම වටිනාකම අහිමි කර ගැනීමයි. ඒවාට නව අගය එකතු නොවීමයි. ලංකාවේ ඇතැමුන්ගේ ආර්ථික මාදිලිය ද එසේය. ඒ මතට අද අවතැන් වූ ජාතිකත්ව හැඟීමක්ද එකතු වී තව තවත් තීව්‍ර වී ගොස් ඇත.

මෙම පෙට්ටගම්කාර චින්තනය පරාජය නොකර ලංකාවට ආර්ථික සෞභාග්‍යය ලඟාකර ගැනීම සිතිය නොහැකි තරම් දුරස්ය. නැගෙනහිර ජැටිය සම්බන්ධ සංවාදයේ දී මතු වූයේ මේ දුර්වර්ණ වී ගිය කසඩ මනසයි.

එහෙත් මම ඊට පමණක් එම සංවාදය ලගු නොකරමි. එහි තවත් අංශ තිබුණේය. විශේෂයෙන්ම විමල් වීරවංශ වැනි ව්‍යාජ දේශප්‍රේමීත්වය මත නූගත් සමාජ තීරුවක මනාප එකතු කරන සාධකයක් එහි විය. වීරවංශ වැනි අපබ්‍රෂ්ඨයින් ලෝක ආර්ථික දිසානතිය හා එහි සංවිධානය පිළිබඳ කොතරම් තකතීරු වූයේ ද කිවහොත් කොකා කෝලා හා ගූගල් වැනි ගෝලිය සමාගම් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම දක්වා එය ගමන් කළේය. අද ද අඩුවැඩි වශයෙන් ඔහු හා ඔහුගේ ගෝලයින් නඩත්තු වන්නේ එවන් මානසික විරේක පෙති පානයෙනි. ඔහු වැන්නන් පමණක් එයින් යැපුණාට කම් නැත. කෙසේ වෙතත්, 69 ලක්ෂයක සෞභාග්‍ය පිළිබඳ අපේක්ෂා මිලින කරන්නට මෙම සුළු පක්ෂවලට ඉඩදීම නම් ආණ්ඩුව සම්බන්ධ අවාසනාවන්ත කාරණයකි.

මොවුන් අද උත්සාහ කරන්නේ ගෝඨාභය ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කරන අතර ඒ ඔස්සේ නැගෙන ආර්ථික දුෂ්කරතා යොදාගෙන එම ආණ්ඩුව දේශීය වශයෙන් ද දුර්වල තැනකට තල්ලු කිරීමයි. එසේ කොට, අනාගතයේ තම දේශපාලන බල පොරය සක්‍රිය කළ හැකි දුර්වල ලංකාවක් බිහි කිරීම මේ කල්ලිය අරමුණු කරගෙන ඇත. අවසානයේ මේ කල්ලිය කියනු ඇත්තේ ගෝඨාභයටත් බැරි වුනා, එහෙනම් අපට බලය දෙන්න යන කියමනයි. මේ සකසමින් යන්නේ ඒ පිටියයි. ආණ්ඩුව එය බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka