gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ කොටු කරලා.. මේ තනි බල පෙරේතකමක් මුදුන් පමුණුවා ගන්න කරන වැඩක්..- ඇමති විමල්

ඇතැමුන් තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීමට ආණ්ඩුවට විශාල හානියක් සිදු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ඒ පෞද්ගලික බල පෙරේත කම සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදු කරන විනාශකාරී බලපෑම හොඳින් දකින බවත් ඒ ගැන විශාල කනගාටුවක් ඇති බවත් ඔහු පවසයි.

රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බවද පවසන ඔහු රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බවද ඇමතිවරයා කියයි.

එසේ නොකර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඉන් සිදුවන්නේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබල වීම බවත් එය ආණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් ඒ මහතා කියා සිටී.

ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවන් මුදුන්පත් ගැනීම සඳහා දැයි තමනට පැහැදිලි නැතැයි ද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කරන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka