gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලන පළිගැනීම් කොමිසමේ විනිසුරුවරයෙක් ඉල්ලා අස්වෙයි: ජනපති හිස්තැන පුරවයි

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා භාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යනය කිරිමට සහ ඊට අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කළ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.

මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා පත් කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් මහතා කටයුතු කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka