gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිලියන 25 ක් ගෙවාගන්න බැරි DS ගුණසේකරට මිලියන 3100 ක ණයක් දෙන්නෙ කොහොමද ? (video)

රටේ දූෂණය වළක්වා ගත නොහැකි වී තිබෙන්නේ සාමාන්‍ය ජනතාව ඊට අවශ්‍ය සහයෝගය ලබා නොදෙන නිසා බව ජනාධිපතිවරයා ජාතික නිදහස් උළෙලේදී සිදුකළ ප්‍රකාශයට අනුව දූෂණ-වංචාවලට වගකිව යුත්තේ ජනතාවදැ'යි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විමසනවා. අද (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා දූෂණ-වංචාවල වගකීම ජනතාව මත පටවද්දී රාජපක්ෂලාට හිතවත් ව්‍යාපාරික කල්ලියක් විසින් රුපියල් බිලියන ගණනින් දූෂණ-වංචා සිදු කරන බවත්, රාජපක්ෂලාගේ පූර්ණ ආශීර්වාදය ඒ සඳහා හිමි වී ඇති බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

පසුගිය කාලයේදී රටතුළ මහත් ආන්දෝලනයක් ඇති කළ, ඩී.එස්. ගුණසේකර සමාගමට සිගරැට් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 3.1 ක් හෙවත් මිලියන 3100 ක ණයක් ලබා දී තිබිණි. මෙසේ එම සමාගමට බිලියන 03 කට අධික ණයක් ලබා දී තිබෙන්නේ රටපුරා බැංකු කිහිපයකට ලබාදුන් ණය ආපසු පියවීම අතපසු කිරීම නිසා ණය නොගෙවූවන්ගේ ලේඛනය හෙවත් CRIB වාර්තාවේ ඩී.එස්. ගුණසේකර සමාගමේ නම සඳහන්ව තිබියදීය.

අදාල සමාගම රුපියල් මිලියන 25 ක පමණ ණය මුදල් ගෙවීම් පැහැර හැර තිබෙන බවත්, රුපියල් මිලියන 25 ක් ආපසු ගෙවීමට නොහැකි සමාගමකට, රුපියල් බිලියන 3.1 ක මුදලක් එකවර ලබාදීම විශ්වාස කළ නොහැකි බවද රාජිත සේනාරත්න මහතා පවසනවා. එසේම අනුරාධපුර කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කරන ගුණසේකර සමාගමට දකුණේ කටුවන, බෙලිඅත්ත වැනි බැංකු ශාඛාවලින් ණය ඉල්ලුම් කිරීමද සැක සහිත බව මන්ත්‍රීවරයා පවසනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka