ජෙරොම් ජයරත්න මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ හෝ තම පවුලේ හෝ කිසිදු මැදිහත්වීමක් නොමැති බවත් එය ක්‍රිකට් ආයතනයේ ස්වාධීන තීරණයක් බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට තමාගේ කිසිදු මැදිහත්වීමක් හෝ ඇඟිලි ගැසීමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ජෙරොම් ජයරත්න මහතා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම අමුතු දෙයක් නොවන බවත් ඔහු රාජපක්ෂ පවුලට සම්බන්ධවීමට පෙර සිටම ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරූ පුද්ගලයෙකු බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.
ක්‍රීඩා සංගම්වල කටයුතුවලට අතපෙවීම් සිදු නොකරන නමුත් ක්‍රීඩා සංගම් ඔවුන්ගේ කාර්යභාරය නිවැරදිව ඉටු නොකරන්නේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමා ඊට මැදිහත් වන බවද ඔහු පවසනවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ හැකි සියලු දේ කරන බවත් ඒ වෙනුවෙන් දැනටමත් ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡාවක් කැඳවා ඇති බවත් ඇමතිවරයා පවසනවා. ගන්නා තීන්දු තීරණය සම්බන්ධයෙන් ඇතැම් අයගේ නොසතුට පළවිය හැකි නමුත් පෞද්ගලික කාරණා නොසලකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තීරණ ගන්නා බවද ඔහු අවධාරණය කරනවා.