gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ශාරීරික යෝග්‍යතාවයෙන් අසමත් වෙයි.. පගාව දී හොර සහතික හදා ගනී

ළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ එංගලන්තය සමග දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉලක්ක කරගනිමින් මෙම සතියේ මුල පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු විවිධ බලපෑම් මගින් සිය වාර්තාව වෙනස්කර ඇතැයි වාර්තා වේ.

ආරංචි වෙන පරිදි මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා අදාළ වාර්තාවේ ප්‍රධාන කොටස් දෙකක් සම්බන්ධ අවසාන ලකුණු අගයන් එසේ තමාට වාසි වන අයුරින් වෙනස් කරගෙන ඇති නමුත් ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට නිරීක්ෂණය වී ඇතැයි පැවසේ. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුමන පියවරක් ගනීද යන්න අවිනිශ්චිතය.

මෙම ක්‍රියාව, එනම් තමාගේ ශරීර යෝග්‍යතා වාර්තා අදාළ පාර්ශ්ව වෙත විවිධ අල්ලස් ලබා දීමෙන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය, දීර්ඝ කාලයක් පුරා සිදුව ඇතැයි තවදුරටත් වාර්තා වේ. ඒ අනුව බැලූ කල ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කොට ඇත්තේ නියමිත ශරීර යෝග්‍යතාව නොමැතිව බව පැහැදිලි වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත භාගයේ දුර්වල ක්‍රීඩා විලාසයට එය සෘජුවම බලපා ඇති බවට මෙය සාක්ෂියක් වී තිබේ.

බටහිර ඉන්දීය සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් 20 දෙනෙකු මෙම පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් 8 දෙනෙකු එහිදී අසමත්ව ඇත. එසේ නුසුදුසු යැයි ඔප්පු වූ ක්‍රීඩකයන් හට එළැඹෙන පෙබරවාරි 3 දා නැවත වරක් එකී පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවකාශය සලසා ඇත. එම පරීක්ෂණයෙන්ද ඔවුන් අසමත් වුවහොත් එකී සංචාරයට ඔවුන්ව සහභාගි කරනොගනු ඇත.

එළැඹෙන පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග දෙකක් එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් වන සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් වෙත යාමට නියමිතය.

රේවත එස්. සිල්වා
– aruna


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka