gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී රිෂාඩ් පරල වෙයි : මේ ආණ්ඩුව උදව් කල මුස්ලිම් රටවලුත් මුස්ලිම් සමාජයත් තරහ කරගෙන ඉවරයි

මගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මුස්ලිම් දේහය භූමිදානය කිරීමට ඉඩ නොදීම පදනම් කොටගෙන පාර්ලිමේන්තුව තුළ ඉතා ප්‍රවේගකාරී මෙන්ම සංවේදී කතාවක් කරන ලදී. ප්‍රථමයෙන් දෙබල බසිනුත් ඉන්පසු සිංහල බසිනුත් කළා කතාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වලට අනුව කොවිඩ් හේතුවෙන් මියයන්නන් භූමිදානය කිරීමට හැකි බව නිර්දේශ කොට තිබෙන බවද පෙන්නා දෙන ලදී.

පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක් කළ බදියුදීන් මහතා වන්නිආරච්චි ඇමතිවරිය මේ ආණ්ඩුව ආගම ගැන සංස්කෘතිය ගැන බලන්නේ නැති බවත් තාක්ෂණික කමිටුවේ වාර්තාවට අනුව පමණක් කටයුතු කරන බවට පට්ටපල් බොරුවක් කියූ බවද පෙන්වා දෙන ලදී.

එහෙත් තාක්ෂණ කමිටුව විසින් භූමිදානය කිරීමට හැකි බව ප්‍රකාශ කොට තිබෙන පසුබිමක මේ පාර්ලිමේන්තුව තුළ බොරුවක් කියා ගිය බව ද පෙන්වා දෙන බදුදීන් මහතා මේ ප්‍රශ්නය දුරදිග අදින්නේ නැතිව නතර කරන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදී.

ලෝකයේ රටවල් 190ක් භූමිදානයට ඉඩදී තිබෙනවා නම් එය මේ රටේ තහනම් කිරීම මෙරට ජීවත්වෙන ලක්ෂ 20ක් වන මුස්ලිම් ජාතිකයන්ට කරන අසාධාරණයක් බවද රිෂාඩ් බදුදීන් මහතා අවධාරණය කරන ලදී.

යුද්ධ කාලෙදිත් ඉන්පසුවත් ජිනීවා වලදීත් බොහෝ මුස්ලිම් රටවල් ශ්‍රී ලංකාවට උදව් කළ බව පෙන්වා පෙන්වා දුන් බදුදීන් මහතා තෙල් නැතුව ඉන්න විට මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත තමා ඉරානයට කතා කළ බවද සිහිපත් කරන ලදී.

එදා ණය විදිහට දීපු එම තෙල් සදහා ගෙවිය යුතු මුදලින් තවමත් කොටසක් ගෙවා නැති බව ද බදුදීන් අනාවරණය කරන ලදී.

2009 ණයට ගත්ත ඒ තෙල් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 150ක් තවමත් ගෙවීමට ඉතුරුව තිබෙන බවද මතක් කර දුන් බදුදීන් මහතා දැන් මේ ආණ්ඩුව ඒ මුස්ලිම් රටවලුත් මුස්ලිම් සමාජයත් තරහ කරගෙන සිංහල ඡන්ද ගන්න පුළුවන් කියලා හිතාගෙන මේ වැඩේ දිගටම කළහොත් එය මේ රට විනාසයක් කරා ගෙන යන බව ප්‍රකාශ කරමින් සිය කතාව අවසන් කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka