gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගුණකොළේට දාපු රන්ජන්ට ඇමැතිවරයෙක් කෝල් කරලා

ල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසුව තමා ඔහුට කතා කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා  පැවසීය.

ඒ මහතා සඳහන් කළේ මේ වන විට රන්ජන් රාමනායක මහතා එම බන්ධනාගාරයේ තනි සිර කුටියක රඳවා සිටින බවය. එහෙත් එහි අනෙක් කුටිවල සිරකරුවන් තිදෙනකු බැගින් රඳවා ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර එම බන්ධනාගාරයේ මේ වන විට සිරකරුවන් සහ රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් 1,100ක් රඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟ බන්ධනාගාරවල සිටින සිරකරුවන් සමූහ වශයෙන් වැඩට යෙදවීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන් කළ උපුල්දෙණිය මහතා එම තත්ත්වය සමනය වීමෙන් පසු සිරකරුවන් වැඩවලට යොදවන බවත් ඔවුන්ගේ හැකියාවන් අනුව වෘත්තිය පුහුණුව සඳහාද යොමු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න
මව්රට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka