gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇතුළෙ ඉඳන් රන්ජන් දීපු පළමු පණිවුඩය මෙන්න

සර හතරක් සඳහා සිරගතකොට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන කඳවුරේ සිට සිය හිතවතෙකු වෙත පණිවුඩයක් එවා ඇති බව අනාවරණය වේ.

එම පණිවුඩය මඟින් රන්ජන් රාමනායක මහතා සිය මන්ත්‍රි කාර්යමණ්ඩලයට අසාධාරණයක් නොවන ලෙස ඔවුන්ව රැකබලා ගන්නා ලෙස ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට තිබේ.

යම් හෙයකින් ඔවුන්ගේ වැටුප් ගෙවීමට අපහසුතාවක් ඇත්නම් හෝ නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට හැකියාවක් නොමැති නම් හිතවතුන් කිහිපදෙනකුගේ නම් සඳහන් කරමින් ඔවුන්ගෙන් මුදල් ඉල්ලා ගන්නා ලෙස රන්ජන් රාමනායක මහතා එම පණිවුඩය මඟින් දැනුම්දීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

මෙය සිරගත වීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා විසින් එවන ලද පළමු පණිවුඩය බවද වාර්තා වේ.

මව්රට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka