වසර 4ක බරපතළ වැඩ සහිතව සිර දඩුවම් හිමිවීමත් සමග රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අහෝසි වීමට නියමිත අතර ඒ වෙනුවට අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ.
සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්රික්කයට තරග වැදුණු අජිත් මාන්නප්පෙරුම මහතා මනාප ලයිස්තුවේ සිටියේ 5 වන ස්ථානයේය.
නමුත් ගම්පහින් තේරී පත්වුණේ මන්ත්රීවරුන් 4 දෙනකු පමණි. ඒ අනුපිළිවෙළ මෙසේය.
සරත් ෆොන්සේකා – 110,555
රංජන් රාමනායක – 103,992
හර්ෂණ රාජකරුණා – 73,612
කවින්ද ජයවර්ධන – 52,026
අජිත් මාන්නප්පෙරුම -47212
