එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මහමැතිවරණයේ සිට මේ දක්වාම හිස්ව පවතින අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු එම පක්ෂයේ ඉදිරිපෙළ නිලධාරීන් එම කාලසීමාව තුළ පුන පුනා ප්‍රකාශ කරමින් සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා මෙම තනතුර භාරගත යුතු බවයි. ඒ මහතා පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළයුතු බව පක්ෂයෙහි විධායක සභාව ද තීරණය කර තිබිණි.
ඒ අනුව පක්ෂෙහි එම බලවත් ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාරගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
-lankanewsweb
