gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාටත් කොරෝනා !

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගන්නට ඇත.

ඊයේ  (22) සවස නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක් අවසානයේදී මේ බව අනාවරණය වී ඇති බව දැනගන්නට තිබේ.

මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් රැස්වීම් පවත්වන අතර ඊයේ දිනයේදී පැවැති කළුතර රැස්වීමට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, රෝහිත අබේගුණවර්ධන මහතාත් සහභාගීව ඇති බව දැනගන්නට ඇත.

පසුව අද පැවැති රැස්වීම අවසානයේදී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බවට වූ පුවත වාර්තා වී ඇති අතර එහිදී කලබලයට පත් බැසිල් රාජපක්ෂ මහතා රැස්වීම අතරමග නවතා ඇති බවද දැනගන්නට තිබේ.

ඇතැම් මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ලබා දුන් ධම්මික කපු මහතාගේ පැණිය පළමුවෙන්ම ප්‍රසිද්ධියේ භාවිත කරනු ලැබුවේද ස‌ෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka