gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්ට කොරෝනා.. පාර්ලිමේන්තුව පැත්තක් වසා දමයි.. පැමිණීමට දැඩි සීමා !

ග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වරයෙකු සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා වන නීතීඥ චමින්ද කුලරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබුණ ද එය ද කල් දමා තිබේ.

පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට බාහිර පුද්ගලයන් ඇතුළු වීම තහනම් කර තිබේ.

එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වාර අවලංගු කිරීමට ද පාර්ලිමේන්තු ප්‍රධානීන්නගේ අවධානය යොමු වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka