gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අප්‍රේල් 14 වනතුරු සීනි ගැසට්ටුව දික් කළා. තවත් කෝටි 990ක් ජාවාරම්කාරයින්ට යනවා - නලින්

සීනි බදු සංශෝධන ගැසට් නිවේදනය එළඹෙන අප්‍රේල් 14 වනදා දක්වා දීර්ඝ කිරීම තුළ ආණ්ඩුවට හිතවත් ජාවාරම්කරුවන්ට තවත් රුපියල් කෝටි 990ක් පමණ අයථා ලෙස ඉපයීමට අවස්ථාව ලබාදී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. 

"අප්‍රේල් මාසෙ 14 වෙනිදා දක්වා සීනි ගැසට් එක දික් කළා. අපි බලපු විදියට තවත් සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක්වත් ඉදිරි මාස තුන ඇතුළත රටට එයි. ඒ හරහා තවත් කෝටි 990ක් විතර අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් ගන්න බද්ද යන්නෙ මහාභාණ්ඩාගාරයට නෙවෙයි ජාවාරම්කාරයින්ට. ඒ ජාවාරම්කාරයින් තවදුරටත් හම්බකරනවා. 

විශේෂයෙන් ඉන්දියාවෙ මේ දවස්වල සීනි නිෂ්පාදනය දිරිගන්වන්න සීනි මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 90ක අපනයන දිරිගැන්වීමක් ඉන්දියානු රජයෙන් දෙනවා. ඒ නිසා මේ දිනවල ඉන්දියාවෙන් කඩිමුඩියේ සීනි ගෙන්වනවා ජාවාරම්කාර පැළැන්තිය. අනේ අර අහිංසක ගමේ මිනිහාගෙ දුප්පතාගෙ රුපියල් 50 අරගෙන රට සංවර්ධනය කිරීම පැත්තක තියලා ඒ රුපියල් 50 ජාවාරම්කාරයින්ගෙ සාක්කුවට දාගන්න, ඒ හරහා තමන්ගෙ මඩි තරකර ගන්න යොදාගැනීම සම්බන්ධයෙන් අපට නම් තියෙන්නෙ විශාල දුකක්, වේදනාවක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka