gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රිගේ කාලේ කෝටි 24කට වෙච්ච දෙයක් නෑ !

2018 වසරේ දී ජනාධිපති අරමුදලේ රුපියල් කෝටි 24ක ගනුදෙනු ගිණුම්ගත වී නැති බව එම වර්ෂය සඳහා ජනාධිපති අරමුදලේ මූල්‍ය ප්‍රකාශනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව ඉදිරිපත් කරමින් අනාවරණය කර ඇත.

මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට නියමිතය.

එම විගණන වාර්තාවට අනුව 2018 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල පොලී ආදායම හා ලැබිය යුතු පොලී ආදායම රුපියල් මිලියන 6.1ක් අඩුවෙන් දක්වා ඇත.

2015 සිට 2018 දක්වා වූ වර්ෂ හතරක කාල සීමාවේ රාජසන්තක වූ මෝටර් රථ හා වෙනත් භාණ්ඩවල වටිනාකම රුපියල් දෙකෝටි හතළිස් නව ලක්ෂයකි. රාජසන්තක වූ මුදල් ත්‍යාග එකතුව රුපියල් හාර කෝටි පනස් තුන් ලක්ෂයකි. එම මුදල් ද ගිණුම් ගත කර නොමැති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

අරමුදල සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු රුපියල් දහසය කෝටි දස ලක්ෂයක ණය ශේෂය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නැති බවද විගණකාධිපතිවරයා දැනුම් දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka