gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ට කතානායක සති 3ක් දෙයි

සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමිවීම පිළිබඳ කරුණු අධ්‍යයනය කර සති තුනක් ඇතුළත තීරණයක් ලබාදෙන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද (19) පාර්ලිමේන්තුවේ දී මැති ඇමතිවරු විසින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය අහිමිවීම පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් ඕනෑම මන්ත්‍රීවරයෙකුට හෝ කණ්ඩායමකට ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමක් ඉදිරි සති දෙක තුළ සිදුකළ හැකි බවත් කථානායකවරයා පැවසීය.

එම හේතූන් ද සැලකිල්ලට ගෙන විධිමත් උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka