gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං කාටවත් බය නෑ.. ජනපතිගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යනවා.. ගල්ඔය ඈවර කරනවා - ඇමති වක්කුඹුර

ජානක වක්කුඹුර කිසි කෙනෙකුට බය ඇති කෙනෙක් නෙවෙයි. එම නිසා අතිගරු ජනාධිපති තුමාගේ අපේ රජයේ වැඩපිළිවෙළ මම ඉදිරියට ගෙනියනවා  හැට නම ලක්ෂ ජනතාව ඡන්දෙ දුන්නෙ  මේවා පාඩු කරන්න නෙමේ. ලාභ කරන්න.

මේ පිළිබඳව විගණනයක් කරන්න මම දීලා තියෙනවා දැන් ඉතාම ඉක්මනින් මොනවද වෙලා තියලා වෙලා තියෙන්නෙ කියලා බලන්න. ඒක නිසා මගේ කාත් එක්කවත් පෞද්ගලික තරහක් නෑ.  මට වගකීමක් දීල  තියෙනවා රටේ ජනතාව රට වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් කරන්න යයි  අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව ඈවර කරන්න යනවා වහන්න යනවා කියලා මාධ්‍ය හමු තිය තියා එක කණ්ඩායමක් කටයුතු කරනවා මෙතන තියෙන්නේ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව අවුරුදු 13 කට ඉස්සර වෙලා ගල්ඔය වැවිලි සමාගම කියලා කර්මාන්තශාලාවක් නමින් අළුතින් ආරම්භ කරපු එකක්. හිඟුරාණ කියලා දැන් කිව්වට ඔතන තියෙන්නේ ගල්ඔය වැවිලි සමාගම. ඒ කර්මාන්ත ශාලාව දීලා තියෙනවා ඔය කියන සමාගමට. හිඟුරාණ කියලා කර්මාන්ත ශාලාවක් දැනට එහේ නැහැ.  ඒ නමින් අපේ තිබුණු හිඟුරාන කර්මාන්තශාලාව තමයි ගල් ඔය කියන නමින් තියෙන්නේ.  තව ඉතුරු දේපල ටිකක් තියෙනවා ඒක තමයි මම කිව්වේ  ඈවර කරනවා කියලා.  ඒ කොටසත් ගල් ඔයට දෙන්න.  මේක අවුරුදු 13ක ඉඳන් ආපු වැඩක් තියෙනවා මේ වත්කම් ටික හරියට දීලා තිබුන් නෑ.   ගල්ඔය සමාගමට ඒටික දෙන්න කටයුතු කරන්න තමයි මගේ අමාත්‍යංශයට කියලා තියෙන්නේ.

මේ සිද්ධිය අල්ලගෙන දැන් කියනවා මේ හිඟුරාන විකුණන්න හදනවා කියලා.  මම මේ රටේ ජනතාවට කියනවා හැට නම ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නෙ අපේ රටේ දේපළ පෞද්ගලීකරණය කරන්න නෙවෙයි. පෞද්ගලීකරණය කරපු දේපොළ නැවත වරක් ගන්න කියලා ඒක නිසා 2019 ජනාධිපති මැතිවරණයේදී කර්මාන්තශාලාව ඉස්සරහා තිබිච්ච රැස්වීමේදී  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා අපේක්ෂකයා වශයෙන් ඉල්ලද්දි ජනතාව එක හඬින් කිවුවා මේ කර්මාන්තශාලාව රජයට ගන්න කියලා. ගම සමග සමඟ පිළිසඳරට ගිය වෙලෙත් ඒ ප්‍රදේශයේ ජනතාව කිව්වා මේ කර්මාන්ත ශාලාව රජයට ගන්න කියලා.  මේ කර්මාන්ත ශාලාව රාජ්‍ය කර්මාන්ත ශාලාවක් බවට පත් කරලා  ඒ සේවකයන් රජය සේවකයන් බවට පත් කරලා ගොවි ජනතාවට සහන ලබල දෙන්න හදනකොට  දැන් කණ්ඩායමක් උසි ගන්නනවා කියෙනවා මේක විකුණන්න හදනවා කියලා.

මම ඉන්නකං එකක්වත් විකුණන්න දෙන්නෑ මට ජනාධිපතිතුමා කියලා තියෙන්නේ  මේ රජය තියෙන ඒවා ලාභ ලබන තත්ත්වයට ගේන්න කියලා ඒක නිසා පැලවත්ත සහ සෙවනගල අපි ලාභ ලබන තත්ත්වයට පත් කළා  ඒ සේවකයන්ට ඒ සියලු දෙනාටම අපි සහන ලබන දීල තියනව.

ගල්ඔය අවුරුදු දහතුනක් පාඩු ලබන ආයතනයක් 2020 මාර්තු මාසේ තිස් එක් වෙනිදා වන විට එක අවුරුද්දක පාඩුව මිලියන 1400ක්.  හැබැයි මේ 2020 අපි ආණ්ඩුව ගත්තට පස්සේ එතනෝල් පිටරටින් ගේන එක නැවැත්තුවා.  එක බිංවක් මේ රටට ගෙන දුන්නේ නෑ.  එතනෝල් ගෙන්වන එක නවත්තපු නිසා අපි එතනෝල් මිල වැඩි කලා. මිල වැඩි කරලා  අපේ සෑම කර්මාන්ශාලාවකම එතනෝල් වැඩි මිලට වික්කා.   මේ ගල්ඔයත් එහෙම කලා. එතනෝල්  ඒ විකුනපු හින්ද 2020 ලාබයි

ඒ ලාබ ලැබුනේ ඔය කාගෙවත් දක්ෂතාවයක් හින්ද නෙවෙයි. අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට පින්සිද්ද වෙන්න මම මැදිහත් වෙලා එතනෝල් පිටරටින් ගේන එක නවත්තන්න කටයුතු කළ නිසා තමයි2020 මාර්තු මාසයෙන් පස්සේ  ඒ ආයතනය ඒ ලාභ වෙන්නේ.

මේ ගල්ඔය සමාගමේ සීයට පනස් එකක් රජයට තියෙන්නෙ අර වරාය සියයට පනස් එකක් තියලා හතළිස් නවයක් දෙනවා කියලා කෑගහනව පිරිසක්. හතළිස් නවයක් දෙන්න එපා කියලා.  මම හදන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා  මේ ණය කන්දරාව අපි ගෙවලා  මේක ඒ ප්‍රදේශයේ ජනතාවට සේවකයන්ට වාසි ලැබෙන ලාභ ලැබෙන ආයතන බවට පත් කරන්න.  ඒක නිසා ආණ්ඩුවට මේක අරං කරන එකද හොද?   එහෙම නැත්නම් බහුජාතික සමාගමක් මේක කරන එකද හොඳ කියල මම රටේ ජනතාව ගෙන් අහනවා.  මොනම හේතුවක් නිසාවත් ගල්ඔය සීනි කර්මාන්ත කර්මාන්තශාලාව වහන්න අපි කීයකට වත් ඉඩ තියන්නේ නැහැ . ඔයිට වඩා හොඳට ඔය කර්මාන්තශාලාවේ ප්‍රදේශයේ ජනතාවට ගොවි මහත්තුරුන්ට  ඒ අයට සහනයක් දෙන වැඩපිළිවෙලක් තමයි අපි කරන්නේ

සීයට සීයක් රජයේ අයිතියට ගන්නකොට දැන් බලන්න පැල්වත්ත සෙවනගල අද  මොකද වෙලා තියෙන්නෙ. අද ලාබ ලබනවා රජය තමන්ට අයිති දේ නැවත ගන්නවනං ඒක නරක දෙයක් ද.  එහෙම රට වෙනුවෙන් වැඩ කරන කොට කියනවා කාගෙවත් උවමනා එපාකම් කරනවයි කියලා කාගේ නුවමනා එපාකම් නොකරන හින්දා තමයි ඔය විදියට අපිට දොස් නගන්නේ මාධ්‍ය හමු තියල.

දැන් මේ අය මේගොල්ලන් ගැන බැංකු වලින් සල්ලි අරගෙන ඒ ආයතන වලට ම තමයි පොලිය ගෙවන්නේ

මම දැන් පරීක්ෂණයක් කරනවා ආයෝජකයෙක් එනකොට ආයෝජකයක් ගේන්න ඕන මුදලක් තියෙනවා. මම මේ ගැන සොයල බැලුවා. අපේ අමාත්‍යංශය බැලුවා. රජයේ කොටස් ටික දුන්නම ආයෝජකයා මුදලක් ගෙන්න ඕන.   මම හොයලා බැලුවම ආයෝජකයා ගෙනාපු මුකුත්ම නෑ. ඔහු ණයක් ගෙනැල්ලා තියෙන්නේ.  ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ ණයක් අරන් කර්මාන්තශාලාවක් හැදුවම 49% ක් බැංකුවලට ඒ අයට කොටස් දෙනවද.  එහෙම කොටස් දෙන්නෙ නැහැ. එහෙම දෙයක් මෙතන වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේ දී විගණනයක් කරලා  රටට හෙළිකරනවා මේ ආයතන මොනවද කළේ කියලා .

ඒ ප්‍රදේශයේ ගොවි ජනතාව මාව හොයාගෙන ඇවිල්ල කියන්නේ මේ විස්තර කියනවා. කවරයක රෙදිටික දාගෙන කොට කලිසම ඇදන් ආපු ගාල්ල පැත්තෙ මහත්තුරු අද අම්පාර තට්ටු තුන හතර ගෙවල් හදාගෙන ඉන්නේ.  මේ කම්මලෙ වාසි වෙලා තියෙන්නෙ ඒ ප්‍රදේශය මිනිස්සුන්ට නෙවෙයි එක පැලැන්තියකට. එක පැලැන්තියකට වැඩ කරන්න නෙමෙයි මේ ආණ්ඩුව පත් කරල තියෙන්නෙ.  මම වැඩ කරන්නේ රටේ ජනතාවට ඒ නිසා  කිසිම හේතුවක් නිසා ඔය සේවකයින්ට වත් ගොවි ජනතාවට වත්  ඒ ප්‍රදේශයේ ජනතාවට වත් කිසි විටෙකත් හානියක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ.  මීටත් වඩා හොඳ යමක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

රටේ ජනතාව අප ගැන  විස්වාස කරල  තමයි ලක්ෂ හැට නවයක් ඡන්දය දුන්නේ. ලංකා සීනි සමාගම දියුණු කලා.  ඒ වගේම ගල්ඔය සීනි සමාගමත් දියුණු කරන්න අපි කටයුතු කරනවා  යයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය

– ප්‍රගීත් ජනක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka