gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති ආරක්ෂක අංශය ආරක්ෂාව දෙද්දීත් චන්ද්‍රිකාගේ ගෙදරට හොරු පැනලා

රක්ෂාව සදහා ජනාධිපති ආරක්ෂක අංශය ද යොදවා තිබියදී නිට්ටඹුව හොරගොල්ල වලව්වේ දොරක් කඩා කිසියම් පුද්ගලයකු ඊයේ (20 වැනිදා) අලුයම ඊට ඇතුළුවී ඇති බව පොලිසිය පවසයි.

වලව්ව අබියස බණ්ඩාරනායක සමාධියට ඇතුළු වන ගේට්ටුවේ පොලිස් මුරපොළක්ද තිබියදී මෙලෙස හොරෙකු ඇතුළුවීම විමතියට හේතු වී ඇත.

වලව්වේ පිටුපස දොරේ වීදුරුව බිඳ අගුල ඇරගෙන සැකකරු ඇතුළු වී ඇති බව මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

මෙම පුද්ගලයා ඇතුළු වන අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය වලව්වේ සිට නැති නමුත් ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් 3 දෙනෙකු රාජකාරියේ සිට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka