gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා…සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක මම කරනවා” - ජනපති යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක

“මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය, විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධවෙලා නෑ. මං ඉදිරියේදී ඉක්මණින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක හදන්න මම ක්‍රියා කරනවා,” යැයි ජනාධිපතිවරයා සදහන් කරනවා.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය ගන්නා සෑම තීරණයකම වගකීම තමන් භාර ගන්නා බවයි.

“මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය, විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධවෙලා නෑ. මං ඉදිරියේදී ඉක්මණින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක හදන්න මම ක්‍රියා කරනවා,” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පසුගිය රජයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමා ඉදිරිපිටදීම සාගල රත්නායක ඇමතිතුමා ඒ රටේ නියෝජිතයින් සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් තියෙන්නේ. මම ඉන්දියාවට ජනාධිපතිවරයා වශයෙන් ගියාම ඉන්දීය අගමැතිතුමා මේ ගැන කතා කළා. කිව්වා, මේක ගැන අපේ අවධානයක් තියෙනවා. ඔවුන්ගේ විවිධ ප්‍රශ්න ගැන කතා කළා. මම ඒ වෙලාවෙත් කිව්වේ ඒ අත්සන් කරලා තිබුණු විදිහටම කරන්න බෑ කියලයි. රටේ නායකයා හැටියට මම හැම වගකීමක්ම භාර ගන්නවා. මම දන්නේ නෑ කියලා කියන්න මම සූදානම් නැහැ. මොනවා හරි දෙයක් මේ රජය කරනවා නම් ඒකේ පූර්ණ වගකීම මම භාර ගන්නවා. අපි දැන් කරන්නේ ආයෝජනයක්. මාව බලයට ගේන්න වැඩ කරපු ස්වාමීන්වහන්සේලත් මේකට විරුද්ධව කතා කරනවා. ස්වාමීන්වහන්සේලාට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න.” යැයිද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

Source : truenews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka