gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මම ඉන්නෙත් කළකිරීමෙන් – ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් රෑට නින්ද නොයන තත්වයක් තියෙන්නේ” – ඩලස්

සාමාන්‍ය ජනතාව පමණක් නොව ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන තමාද දැඩි කළකිරීමෙන් පසුවන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. විශාල ප්‍රශ්න ප්‍රමාණයකට ජනතාව මුහුණදෙමින් සිටින බැවින් ආණ්ඩුව විවේචනය කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත්, එනිසා ආණ්ඩුව විවේචනය කරන්න එපා යැයි කීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙවුන්දර ආසනයේ පොදුජන පෙරමුණු කාන්තා ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

ජීවන වියදම ඉහළ ගොස් ජනතාව අමාරුවෙන් ජීවත් වන බව කාටක් රහසක් නොවන බවත් ආණ්ඩුවේ ඇමතිවරුන්ටද ජනතා ගැටලු හේතුවෙන් රෑට නින්ද නොයන තත්වයට පත්ව ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ මේ දිනවලට විදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පරිදි වර්ෂාව ලැබෙන බැවින් සුවසේ නිදා ගන්නා එකම ඇමතිවරයා තමා පමණක් බවයි.

වත්මන් ආණ්ඩුව පත්වූ දිනයේ සිටම කොවිඩ් මාරයාට මුහුණ දීම හැර වෙනත් කිසිවකට ඉඩක් නොතිබූ බවත්, බොහෝ ගැටලුවලට එය හේතුවක් වූ බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka