gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා වැළඳුනු, රාජ්‍ය ඇමති දයාසිරිට ලැබුණු අලුත්ම තනතුර මෙන්න

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා - දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය සඳහා තේරී පත්ව තිබෙනවා.
 
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (07) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා - දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා එම ධුරයට ඒකමතිකව තේරී පත්වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම එම සංගමයේ ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ද එහිදී ඒකමතිකව පත්ව තිබෙනවා.
 
මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් 19 ආසාදන වී ඇති බවට ඊයේ (08) පෙරවරුවේ තහවුරු වුණේ ඔහු විසින් සිදු කරගෙන තිබූ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් අනුවයි.
 
ඒ අනුව ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka