gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

SLIIT අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුවට ගේන්න බැරිනං ඉල්ලා අස්වෙන්න - රසික ජයකොඩිගෙන් චරිත හේරත්ට අභියෝගයක්

ජයට සම්බන්ධ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ගෙන්වා ප්‍රශ්න කිරීමට කෝප් කමිටුවට බලයක් නොමැති නම් වහාම ඉල්ලා අස් වී ගෙදර යන ලෙස කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාගෙන් ඉල්ලා සිටින බව සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි මහතා පවසනවා.

කෝප් කමිටුවේ හා එහි සභාපති ඇතුළු සාමාජිකයන්ගේ වගකීම රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන ආයතනවල සිදුවන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම මිස නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රශ්නවලින් පැනයාම නොවන බවද රසික ජයකොඩි මහතා පවසනවා.




මාළබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට කැඳවා තිබිණි. කෙසේ නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබෙන්නේ SLIIT ආයතනය තවදුරටත් රජයට සම්බන්ධ නොමැති පෞද්ගලික ආයතනයක් බවයි. එබැවින් තම ආයතනය කෝප් කමිටුවේ විෂයපථයට අදාල නොවන බවද අධ්‍යක්ෂ මණ්ඩලය දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෝප් සභාපති චරිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය යහපාලන රජය සමයේදී කැබිනට් පත්‍රිකාවක් හරහා SLIIT ආයතනය එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතම පවරා ඇති බවයි. කෝප් කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන්නේ මෙම කරුණ මත පදනම්ව බැවින්, කෝප් කමිටුවට ඊට එරෙහිව කටයුතු කිරීමට කිසිදු බලයක් නොමැති බවද සභාපතිවරයා පවසනවා.




කෙසේ නමුත් රසික ජයකොඩි මහතා පවසන්නේ SLIIT ආයතනය වෙනත් පුද්ගලයන් පිරිසකට පවරා ඇති බවට සිදු කරන ප්‍රකාශය පදනම් විරහිත බවයි. චරිත හේරත් මහතා ඇඟ බේරා ගැනීම සඳහා එවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදු කරන බවද ඔහු පවසනවා.

රසික ජයකොඩි මහතා ප්‍රතිචාර දක්වමින් චරිත හේරත් මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ ප්‍රශ්නවලින් පැනයාම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවයි. SLIIT ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පිළිබඳව පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, රසික ජයකොඩි මහතා මතු කරන සියලු ගැටලුවලට එම වාර්තාව හරහා පිළිතුර ලබාදෙන බවද මන්ත්‍රීවරයා පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka