gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කලබල වෙන්න එපා: චම්පික ගැන චම්පිකගෙන් ප්‍රකාශයක් !

මන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය පුවත් රැසක් සංසරණය වෙමින් පවතින බවත්, ඒ කිසිවකට කලබල නොවන ලෙසත් දැනුම් දෙමින් පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තනතුරක් ඒ මහතාට හිමි නොවීම සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කරමින් හෙතෙම මෙම සටහන තබා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

සමඟි ජන බලවේගයේ විධායක සභික රැස්වීම අද දිනයේ පැවැත්වෙන බවත් ඒ සදහා සහභාගී වන ලෙසත් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ දිනයේදී මා වෙත ආරාධනා කර සිටියේය.

ඒ අනුව මම අද දිනයේදී එම රැස්වීමට සහභාගී වූයෙමි.එහිදී මා ඇතුලු මා සමඟ දේශපාලනයේ යෙදෙන කණ්ඩායම සමඟි ජන බලවේගය හා සෘජුව එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට එක්වන්නේ දැයි එම බලවේගයේ විධායක සභාව මා වෙතින් විමසා සිටි අතර මම ඒ සඳහා මාගේ පූර්ණ එකඟත්වය පළ කළෙමි.

ඒ අනුව එම බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීළඟ හමුවේදී සමඟි ජන බලවේගයේ දේශපාලන යාන්ත්‍රණය තුල මා විසින් ඉටුකල යුතු වගකීම් කවරේද යන්න පිලිබඳව සාකච්ජා කොට දැනුම් දෙන බව විධායක සභාව විසින් මා වෙත දැනුම්දෙන ලදි.

මේ වනවිට මෙම රැස්වීම සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ පුවත් රැසක් සමාජජාල මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ කිසිවක් සත්‍ය නොවන බව සමගි ජන බලවේගයේ විධායක සභිකයින් විසින් තහවුරු කරනු ඇත.

පසුගිය මහමැතිවරණයේදී මා වෙත ජන්දය ප්‍රකාශ කල ජනතාව නියෝජනය කරනුයේ සමඟි ජනබලවේගයේ දේශපාලන මතයයි. ඒ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනීසිටිමින්, නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීම සඳහා සමඟි ජන බලවේගයේ නායකත්වය සහ එහි සහෝදර සාමාජිකත්ව කණ්ඩායම සමඟ ඉදිරියටද ක්‍රියාකරන බව දැනුම්දීමට කැමැත්තෙමි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka