gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඔව් මම නන්දසේන ගෝඨාභය තමයි” ඒ ජාතියෙන් එනවනම් මට ඒ ජාතියෙන් උත්තර දෙන්නත් පුළුවන්!

ජනතාව තමන්ගෙන් බලාපොරොත්තු වුණේ මීටපෙර පැවති පාලනයන්ට වඩා වෙනසක් බවත් තරමක් දැඩි ක්‍රියාමාර්ග වලට යන ලෙස දැනමටත් තමන්ට භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

"ඔබ බලාපොරොත්තු වෙන්නෙ ඒ හැමදාම තිබුණු ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක්. මේ ස්වාමීන් වහන්සේලා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ එදා තිබුණාට වඩා වෙනස් ක්‍රමවේදයක්. ඒක තමයි මම බලයට පත්වුණාට පස්සෙ ගියපාර වගේ දේශපාලන පළිගැනීම් දේශපාලනඥයින්ට නොකළෙ. ඒක නීතියෙන් වැරදි වැඩ කළා නම් නීතියෙන් ඒගොල්ලො කරගෙන යයි. නමුත් අනවශ්‍ය ලෙස බලපෑම් කරලා දේශපාලනය මුල් කරගෙන වැඩ කරන්න මං සූදානම් නෑ. 

හැබැයි ඉතිං එහෙම කරනකොටත් අවාසනාවකට වගේ ... දැන් විරුද්ධ පක්ෂයත් හාමුදුරුවනේ ඒක තේරුම් අරගෙන නෑ. පාර්ලිමේන්තුවෙ දැක්කනෙ පහුගිය දවස්වල. අර හරීන්ද්‍ර ... කවුද ? හරීන් ප්‍රනාන්දු කියලා මන්ත්‍රීවරයෙක් කතා කරපු විලාශය. ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නෙ. 

නන්දසේන කියලා ... ඔව් මම නන්දසේන ගෝඨාභය. හොඳ නම් ඒවා. හැබැයි ඉතිං නන්දසේන ගෝඨාභයගෙත් චරිත දෙකක් තියෙනවා. දැන් තාමත් සමහර වෙලාවට හාමුදුරුවරු මට කියනවා "අපිට ඕනෙ ජනාධිපති ගෝඨාභය නෙවෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕනෙ, ටිකක් සැරෙන් ඉන්න ඕනෙ" කියලා. ඒකත් කරන්න පුළුවන්. 

ඉතිං ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්. දැක්කනෙ මට අර ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලෙ බෝම්බයක් ගහලා ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි ඉතිං මමත් ඒක ඉවර කළේ අන්තිමට ඉතිං අර බල්ලෙක් වගේ හතරගාතෙ දාලා නන්දිකඩාල් කලපුවෙ උස්සගෙන ආවා. ඒ තත්වෙට ගේන්නත් පුළුවන්. ඉතිං ඕනෙ දේකට සූදානම් චරිතයක්. හැබැයි මට අවශ්‍ය ජනතාවට වැඩ කරන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (09) අම්පාර උහන ප්‍රදේශයේ පැවති "ගම සමග පිළිසඳරක්" වැඩසටහන අමතමිනි. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka