gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩඩ්ලි හා ගම්ලත්ගේ සහල් මාෆියාවට ජනපති හබකක් අටවයි !

මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්වන බව වාර්තා වේ. මීට පෙර වසර වලදී සාමාන්‍යයෙන් වී මිලදී ගැනීම මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක්ට පමණ සීමා වී තිබූ අතර මෙවර මෙසේ වැඩි වී ප්‍රමාණයක් ගැනීමට උපදෙස් දී ඇත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව පැවසේ.

ඒ අනුව වැඩිපුර වී මිලදී ගැනීම වෙනුවෙන් ගබඩා පහසුකම් සංවර්ධනය කිරීම පසුගිය වකවානුවේදී සිදු කර ඇති බවද වාර්තා වේ.

සහල් හිඟයක් නිර්මාණය කරමින් හාල්මිල ඉහළ දැමීම මහාපරිමාණ සහල් මෝල් හිමියන් විසින් සිදකරනු ලබන ජාවාරමක් බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි.

මේ ජාවාරම පිටුපස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි. සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිසේන ගම්ලත් මහතා සිටින බව පසුගිය කාලයේදී මාධ්‍ය හෙළිකර තිබිණි.

මේ අතර මෙවර මහ කන්නයේදී අපේක්ෂිත වී අස්වැන්නද වී මෙට්‍රික් ටොන් මිලියන 2.8 ක් බව පැවසේ.

අම්පාර, මඩකලපුව, කිලිනොච්චිය යන ප්‍රදේශ ප්‍රධානව ගොවීන් 370,000 දෙනෙකුගෙන් මේ අස්වැන්න අපේක්ෂා කරති.

මෙහිදී රජයේ සහතික මිළ අනුව නාඩු වී කිලෝවක් රු 50/= කටත් සම්බා රු 52/= කටත් තෙත නාඩු රු 44/= කටත් සම්බා රු 46/= කටත් මිලදී ගැනීමට සැලැසුම් කර තිබේ.

ඒ අනුව රුපියල් 97 ක සාධාරණ මිළකට පාරිභෝගිකයාට සහල් කිලෝවක් ලබා දිමට ඉදිරියේදී හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කෙරේ.

කවර තත්වයක් යටතේවත් සහල් ආනයනය කිසිසේත් නොකළයුතු බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ දැඩි තීරණය වී ඇති බවද මේ අතර වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka