gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ආණ්ඩුව වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. එක දේකට“ - සංජීව එදිරිමාන්නගෙන් සැර කතාවක්

ලෝකයේ කිසිම ආණ්ඩුවකට මුහුණ දෙන්න තියෙන තව අතිරේක අභියෝගයකටත් මුහුණ දීමට සිදුව තිබෙන බවත් ඒ වත්මන් විපක්ෂයට තිබෙන ලැජ්ජා සහගත හැසිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. මන්ත්‍රීවරයා මේබව පැවසූවේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

විපක්ෂයට තියෙන්නේ සමාජිය පිළිබඳ විරෝධයක් සහ සමාජ වෛරයක් බවත් ඔවුන්ගේ ආණ්ඩු වෛරයට මුහුණ දෙන්න සූදානම් බවත් විපක්ෂයේ සමාජ වෛරයට පිළිතුරක් තමන් ලඟ නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 වසංගතය මැද්දේ ලංකාවේ ඇඳන් ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක් වෙනකම්, ආසාදිතයන් සියයට 90ක් මැරිලා වැටෙනකම් විපක්ෂය බලා සිටි බවත් ආණ්ඩුව වෙනුවෙන් තමන් එක් දෙයකට සමාව ඉල්ලා සිටින බවත් ඒ තමා විපක්ෂය බලාපොරොත්තු වූ කාලකණ්නි සංතෝෂය ලබා දීමට ආණ්ඩුවේ අපිට බැරි වූ බවත් ඔහු කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka