gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රීවරයෙකුට හා දියණියට කොරෝනා..

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට සහ කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන නාගරික මන්ත්‍රිවරයෙකුගේ 22 හැවිරිදි දියණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුගේ උපන් දින සාදයට සහභාගි වු කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ අසාදිතයෙකු වු හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට කොවිඩ් 19 වෛරසය මුලින්ම අසාදනය විම නිසා හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් 08 දෙනෙකු, හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා සහ පෙර අසාදිත  මන්ත්‍රිවරයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නාගරික මන්ත්‍රිවරයාට සහ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් යොමු කර ඇති නාගරික මන්ත්‍රිවරයාගේ දියණියට (03) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

මිට අමතරව හැටන් මල්ලිඅප්පුව , දික්ඔය දරවල  යන ප්‍රදේශවල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකු හමු වු බවත් , එම අසාදිතයන් දෙදෙනා වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ පෙර අසාදිතයන් බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka