gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ අනුව දුමින්ද සිල්වා ඉදිරි දෙසතිය තුළ නිදහස් ?

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කොමිසමේ නිර්දේශ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව ඉදිරි දෙසතිය තුළ නිදහස් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට මරණීය දණ්ඩනය නියම කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බවට ඒ මහතාගේ පියා විසින් දේශපාලන පළිගැනීම් කොමිසමට පැමිණිලි කර තිබිණි. 
ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම එම පැමිණිල්ල පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ අතර දුමින්ද සිල්වා මහතාට පළමුවෙන් මරණීය දණ්ඩනය නියම කළ මහාධිකරණයට ඒ මහතාව නිදොස්කොට නිදහස් කිරීමට අවස්ථාව තිබුණේයැයි ඔවුන් නිගමනය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

එහෙයින් එම පදනමින් දුමින්ද සිල්වා මහතාව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම උචිත බවට කොමිසම නිර්දේශ කර ඇති බව සඳහන්. 

මෙම කොමිසමේ විමර්ශන සිදු කෙරෙන අතරම දුමින්ද සිල්වා මහතාව නිදහස් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් පෙත්සමක් ද මීටපෙර ජනාධිපතිවරයා වෙත ලබාදී තිබිණි. 

-lankanewsweb
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka