gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් වරක් මේ රටේ ජාතික නායකයත්වය ගෝඨාභයට දියයුතුයි – ඇමති බන්දුල

ගෝඨාභයට රාජපක්ෂ ජනාධිපතිවරයා එක්වරක් නොව තවත් වරක් මේ රටට ජාතික නායකයා ලෙස නායකත්වය ලබා දියයුතු යැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ හෝමාගමදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරය වෙනුවෙන් පවතී තරුණ සමුළුව මේ බව පැවසීය.

රටේ වත්මන් තත්වයට තරුණ ප්‍රජාව සුදානම් කිරීමත්, වසංගත තත්වය හමුවේ විරැකියාව උත්සන්නවීම වෙනුවට නව රැකියා අවස්ථා බිහි කරමින් ස්වයංපෝෂිත ආර්ථික රටාවකට සමස්ත මහජනයා හුරුකිරීමට වත්මන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසූ බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳවත් දැනුවත්ව සිටියදී කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමේ හේතුවෙන් නිරායුද අහිංසක ජිවිත රැසක් දැයට අහිමිව ගියබව සිහිපත් කළ අමාත්‍යවරයා වත්මන් වසංගත තත්වය හේතුවෙන් ලොවපුරා දිනකට ජීවිත දහස් ගණනින් අහිමි වෙද්දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජයේ පළමු වගකීම ලෙස පුරවැසි ජීවිත සුරක්ෂිත කරලීමේ වගකීම මැනවින් ඉටුකිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka