gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තේරීම් කමිටු සභාපතිකම තවදුරටත් තබාගෙන, අසන්තද මෙල් කළමනාකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කල බව අසන්ත ද මෙල් මහතා පවසයි.

ඒ අනුව එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව ඔහු පැවසීය.

මේ අනුව තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ධූරයේ අසන්තද මෙල් මහතා රැඳී සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් පමණක් ඔහු ඉවත් වෙන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හි වත්මන් තත්වය ගැන බැලීමේදී වරද ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ පමණක් නොව ක්‍රීඩකයන් ගේද වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

විශේෂයෙන්ම කැපවීමෙන් උනන්දුවෙන් පුහුණුවීම වෙනුවට සමාජ ජාලා සහ ඉන් පරිබාහිර ක්‍රියාකාරකම් වලට වැඩි අවදානයක් දීම ඉන් ප්‍රදාන ගැටලුව වන බවත් එම අවුල ඉක්මනින්ම ලිහා ගත යුතු බවටයි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් අදහස් පල කර ඇත්තේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka