gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 719ක්. සමස්ත කොවිඩ් ආසාදිතයින් 52,000 ඉක්මවයි

මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 52313ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
ඒ, ඊයේ (16) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 719 දෙනෙකු සමගය. 

එම 719 දෙනා අතරින් 697 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 18 දෙනෙකුත් විදෙස් රටවල සිට පැමිණි අය අතරින් ආසාදිතයින් 4 දෙනෙකුත් හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. 

විදෙස් රටවල සිට පැමිණි අය අතරින් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කුවේට් සිට පැමිණි අයෙක්, රුසියාවේ සිට පැමිණි අයෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් සහ ඉතියෝපියාවේ සිට පැමිණි අයෙක් වශයෙනි. 

දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගණන 7311ක් වන අතර සුවය ලබා පිටව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 44746කි. 

ඊයේ දිනයේත් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර එයත් සමග සමස්ත කොවිඩ් මරණ ගණන 256 ක් වේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka