මැතිවරණ කාලවලදී රටවිරුවන් ලෙස උත්කර්ෂයට නංවමින් ඔවුන්ගේ කතිරය ලබා ගැනීම සඳහා ගුවන් ගමන් ගාස්තු ගෙවා මෙරටට ගෙන්වා ගත් විදෙස්ගත ශ්‍රමිකයන් අද කොරෝනා වෛරසයෙන් බැටකමින් සිටියදී දැවැන්ත සූරකෑමකට හසුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.
තම දරුවන්, පවුලේ අය ජීවත් කරවීම සඳහා මැදපෙරදිග රටවල වලං සෝදා, වැසිකිලි සෝදා විදෙස්ගත ශ්‍රමිකයන් දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් ලක්ෂ ගණනක්, ආණ්ඩුවට හිතවත් ජාවාරම්කරුවන් ගසාකමින් සිටින බවත්, ඒ සඳහා ආණ්ඩුවේ පූර්ණ ආශිර්වාදය හිමි වී ඇති බවත් රන්ජන් රාමනායක මහතා පවසනවා.
විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට පැමිණෙද්දී සාමාන්‍යයෙන් අයකරන ගුවන් ටිකට්පත් ගාස්තුවට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති බවත්, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව නිරෝධායනය සඳහා ජාවාරම්කරුවන්ගේ සුපිරි හෝටල්වල නැවතී සිටීමට සිදුව ඇති බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඒ සඳහා ඔවුන්ට මාස හතරක පහක් තිස්සේ දුක් විඳිමින් උපයා ගත් මුදලට සමාන මුදලක් නිකරුනේ වැය කිරීමට සිදුව ඇති බවයි.
මෙය බරපතල අසාධාරණයක් බව පවසන රන්ජන් රාමනායක මහතා අවධාරණය කරන්නේ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබලයන් පිරිසක් විසින් මෙම ජාවාරම සිදුකරන බැවින් මාධ්‍ය ආයතනද මෙම ගැටලුව පිළිබඳව හෙළි නොකරන බවයි.