gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිථ්‍යාව පදනම් කරගෙන දියුණු වෙච්ච රටවල් කොහෙවත් නෑ - මංගල (Video)

රටක් දියුණු කළ හැක්කේ, සමාජයක් දියුණු කළ හැක්කේ විද්‍යාවෙන් මිස මිථ්‍යාවෙන් නොවන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මිථ්‍යාව පදනම් කරගෙන දියුණු වූ කිසිම රටක් ලෝකයේ නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය නොකර ආදාහනය කිරීම පිළිබඳව විරෝධයක් නොමැති වුවත් ජනතාව විස්වාස කරන ආගමික සංකල්ප පිළිබඳවද සැළකිලිමත් වියයුතු බව මංගල සමරවීර මහතා පවසනවා. කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බව විද්‍යාව විසින් තහවුරු කර තිබියදී ඉස්ලාම් ආගමිකයන්ට ඒ සඳහා අවස්ථාව අහිමි කිරීම ගැටලුවක් බවද සමරවීර මහතා අවධාරණය කරනවා.

අන්තවාදීන් සුළු පිරිසකගේ, මිථ්‍යා මතවාදවල එල්බගෙන සිටින සුළු පිරිසකගේ අවශ්‍යතාවය මත ඉස්ලාම් ආගමිකයන්ට මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබා නොදෙන බවයි මංගල සමරවීර මහතා අවධාරණය කරන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka