කොරෝනා මර්දනය සඳහා එංගලන්තයේ භාවිතයේ යෙදෙමින් ෆයිසර් එන්නත හේතුවෙන් දෙදෙනෙකු ආසාත්මිකතාවයන් නිසා මියගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි. තවම එම එන්නත් ඇත්තේ පරයේෂන මට්ටමේ නිසා අප ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය භාවිතා කරන ලද කිසිවකු මේ වන තෙක් මියගොස් නැති බවත් පැණි පානය කලාට මිය යන්නේද නැති බවත් ඒ මහතා කීය.
නමුත් එන්නත් සම්බන්ධයෙන් ඇති විශ්වාසය අඩු කර ගෙන නැති බවත් ඒවා නියම පරිදි සංවර්ධනය විය යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
