නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට දින සිට දින තුනක් වසා දැමීමට පළාත් ආණ්ඩුකාරවරිය ඒ කටයුතු කර තිබේ.
එම සුළි කුණාටුවෙන් බලපෑමක් සිදු වූවොත් ඒවායෙන් අවතැන් ජනතාවගේ කඳවුරු ලෙස පාසල් භාවිතා කිරීමට සිදුවනු ඇතැයිද ඇය දන්වා ඇත.
එම පාසැල් අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යාමට සිදු වුවහොත් ඒ සඳහා වූ විශේෂිත උපදෙස් මාලාවක් ආණ්ඩුකාරවරිය විසින් නිකුත් කර තිබේ.
