gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුක්රේනයෙන් ආවේ නව කොවිඩ් ප්‍රභේදයද? - හඳුනා ගැනීමට පරීක්ෂණ පහසුකම් නැහැ - තුන්වන කොවිඩ් රැල්ල අත ළඟද? - (video)

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද හඳුනා ගැනීම සාමාන්‍ය PCR පරීක්ෂණයකින් සිදුකළ නොහැකි අතර ඒ සඳහා ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර අවශ්‍ය නමුත් එම  යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව හෝ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදී ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.  

මේ වන විට යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් අතරින් කිහිප දෙනෙකුටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇති හෙයින් එය නව ප්‍රභේදයද යන්න හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ. 

කෙසේවෙතත් ඔවුන්ට PCR පරීක්ෂණ සිදුකළේ කවුරුන්ද යන්න සොයා ගැනීමට නොහැකි බවද ඔහු කියාසිටියි. 

''මේවා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිද්ධ වෙන්නේ නැත්නම්, මේ පරීක්ෂණ ක්‍රියාවලිය ඇතුලේ තමයි නිරෝධායන ක්‍රියාවලිය පවතින්නේ. නිරෝධායන ක්‍රියාවලිය තුළ විධිමත්ව හැසිරෙන්නේ. මේ ක්‍රමවත් බවෙන් ඉවත් වෙන එක හේතුවක් තමයි පරීක්ෂණ විවිධ තැන්වල සිදුකිරීම. පැහැදිලිවම දෙවෙනි රැල්ල ගෙන්වා ගැනීමට මේ අවිධිමත්භාවය හේතුවක් වුණා. ඒ වැරැද්ද නිවැරදි කරගැනීම වෙනුවට නැවත ඒ වැරැද්ද ඊටත් වඩා එහාට ගිහිල්ලා කරනවා. මේක ඉතාම අනතුරුදායක තත්ත්වයක් බව රජයට අනතුරු අඟවනවා.''  

ඒ අනුව ශ්‍රී ලංකාව කොවිඩ් තුන්වන රැල්ලකට අතවනමින් සිටින බව කුමුදේශ් මහතා සඳහන් කරයි.

මෙහිදී විශේෂයෙන් නව කොවිඩ් වෛරස ප්‍රභේද හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක්  ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මුදල් ලබා දීමට සුදානම් වූ බවත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ ටෙන්ඩර් පටිපාටිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නතර කර ඇති බවත් ඔහු කියාසිටියි. 

''ඊට පස්සේ ලෝක බැංකුව ඔවුන්ගේ ආධාර හරහා යුනිසෙෆ් මගින් ප්‍රසම්පාදන කටයුතු කළා. එය අවසානයේ කොවිඩ් ඉවරයි කියලා ඒක නැවැත්වුවා. දැන්වත් ඒක යළි පණ ගන්වලා අඩුම තරමේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් ලබා දෙන්න. එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය අරගෙන විශේෂයෙන් සංචාරකයින් මේ රටට එන විට අඩු ගානේ පළමු කණ්ඩායමේ ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණයත් කරලා රටට යම් පැහැදිලිභාවයක් ලබා දෙන්න'' යනුවෙන් කුමුදේශ මහතා වැඩිදුරටත් පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka