gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නියෝජ්‍ය කතානායක ඉතිහාසගත වේ – ඉතිහාසයේ මුල්ම වරට පෞද්ගලික නිවාස සංකීර්ණයකින් අලුත් නිල නිවසක් ගනී !

පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායකවරයාට බම්බලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයකින් අලුත් නිල නිවසක් ලබාදී ඇත. බම්බලපිටිය ලොරිස් නිවාස යෝජනා ක්‍රමයේ නිවසක් මෙසේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටියට ලබාදී ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළා.

නියෝජ්‍ය කථානායකවරයකුට නිල නිවසක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවද එම ප්‍රකාශකයා පැවසුවා. මින් පෙර නියෝජ්‍ය කථානායකවරුන්ටද ලබාදී තිබුණේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකි.

නියෝජ්‍ය කථානායක නිල නිවස ලෙස කොළඹ ශ්‍රාවස්ති ගොඩනැගිල්ලේ කොටසක් සකස් කිරීමේ යෝජනාවක්ද පසුගිය කාලයේ ඉදිරිපත්ව තිබුණා.

නියෝජ්‍ය කථානායකවරයාට ලොරිස් නිවාස සංකීර්ණයෙන් නිල නිවසක් ලබාදීමේ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව මගිනි.

කථානායකවරයා මුලසුන දරන එම කමිටුවේ සාමාජිකයන් ලෙස අගමැතිවරයා, සභා නායකවරයා සහ විපක්ෂ නායකවරයාද කටයුතු කරනවා.

-truenews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka