එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ සේවය කරනු ලබන සේවක සේවිකාවන්ට මේ දිනවල වැටුප් ගෙවනු ලබන්නේ එජාප නායක රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් බව වාර්තා වේ.
ඒ අතරම එජාප නායකයා දියතලාවේ නිවාඩු නිකේතනයක සිටිමින් සිය දේශපාලන ජීවිතය අලලා පොතක් ලියමින් සිටින බවද පැවසේ.
මේ පොත මගින් ඔහු සිය දේශපාලන දිවියේ මෙතෙක් හෙළි නොවුණ රහස් කිහිපයක්ම හෙළි කිරීමට සූදානමින් සිටින බවද මේ අතර වාර්තා වේ.
