ලබන වසරේදී පොල් ගෙඩියක මිල රුපියල් 150 වුවොත් පුදුම නොවන්නැයි වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.
අහුන්ගල්ල ප්රදේශයේ දී පැවති පොල් පැල බෙදා දීමක් අතරතුර ඔහු මෙම අදහස් පළ කළේය.
කොරෝනාවලින් පසු ඇමරිකාව විශාල වශයෙන් භාවිතා කිරීමට පටන් ගෙන තිබෙන නිසා මෙරට පොල්වල විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.
ලංකාවේ පොල් වල හොඳම රසය ඇති නිසා මෙතරම් ඉල්ලුමක් ඇති වී තිබෙන බවද ඔහු තව දුරටත් සදහන් කලේය.
